බොහෝදුරට නිර්මාණශීලිත්වය උපදින්නේත් මියෙන්නේත් අකුරු හෝ රූප අතරය.මිනිස් හැකියාවන් විවිධ ය.මිනිස් චින්තනය රාමු නොවෙන තාක් මිනිසාට කල හැකි දේ අසීමාන්තිකය.කෙසේ වුවත් බහුතරයට අනුව අසීරුම යැයි විශ්වාසය ගණිතය ය.ඒ උපන්දා සිට ඇසුනු දැනුනු දේ මත විය හැකිය.

කාලීනව අවශ්‍යය වන්නේ ගැටලුව ඇත්තේ විෂය තුළ නොව තේරුම් ගැනීම මත බව ඒත්තු ගැන්වීමය.සංකල්ප මත පමණක් යා හැකි දුර සීමිතය.අවශ්‍යය තේරුම් ගැන්වීමය.ඒ තුලින් යායුතු මඟ එලිපෙහෙලි කිරීමය. මෙකී කර්තව්‍යය උදෙසා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් පෙබරවාරි 09 වනදා කෑ/වහකුල කනිෂ්ඨ විද්‍යාලයට නැණදියවර හය වන අදියර ගෙන  ගියහ.

සිසු සිසුවියන් රැසක් උදෙසා ගණිත සම්මන්ත්‍රණ පවත්වා අසීරු යැයි මෙතෙක් අතහැර තිබූ ඇතැම් විෂය කොටස් ඉතා සරලව,සිත්ගන්නාසුලු අන්දමින් ඔවුන්ගේ සිත් තුළට කාවද්දවන්නට ලියෝවරුන් ගත් උත්සහය සුලුපටු නොවේ.

විවිධ විෂය සමගාමී ක්‍රියාකාරකම් හා ලියෝවරුන්ගේ රසකතා අතර ඔවුන්ගේ හීන තුළට එබෙන්නට තරම් සමීප බවක් ළගාකර ගැනීම සැබවින්ම සතුටකි.සංකීර්ණ සූත්‍ර සමීකරණ විසඳීම් අතර අප ඔවුන්ව වෙහෙසද්දී ඔවුනගේ තේරවිලි හා නොයෙකුත් සරල ක්‍රීඩා අතර ඇතැම් අවස්ථාවලදී සැබවින්ම අතරමං වූයේ අප ය.

කෙසේ හෝ අවසානයක්ම නොවූවත් දවස අවසානයේ නීරස කරගත් විෂයකට යළි  පණපොවන්නට හැකි වූ බවක් දිටීමු.සතුට නම් එකී උත්සහයේ සාර්ථකත්වය ඒ ළපටි දෑස් තුළ මෙන්ම අහිංසක දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ වචන තුළ ද තැවරී තිබෙනු අසන්නට මෙන්ම දකින්නට ද ලැබීමය.

ඒ අනුව ලියෝවරුන් රැසකගේ කැපවීම හා උත්සහය මත නැණදියවර හයවන අදියර මෙසේ සාර්ථකව නිම කරන ලදී.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

Quality Education & Literacy

අපි අකුරට මැළි නොවෙමු

“A teacher who is attempting to teach without inspiring the pupils with a desire to learn, he is hammering on cold iron” – Horace Mann Inspiring innocent souls with affection and kindness leads their minds Read more…

Continuous Project

නැණ දියවර 4,5

“Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today.” “නැණ දියවර 2018” is a project launched by Leo Club of University of Moratuwa to enhance the educational Read more…

Continuous Project

LEAP 2

Leaders are born within ourselves not by hiding among the others shadows, but by coming forward and facing the challenges and learning step by step from those mistakes. But, the quality of coming forward do Read more…

Show Buttons
Hide Buttons