loader image

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා වෙර දරන යති පරපුරේ අනාගත පුරුක වන සාමණේර ස්වාමීන් වහන්සේලගේ නැණස වඩනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් අඛණ්ඩව දියත් කරනු ලබන ප්‍රඥා ප්‍රදීප සම්මන්ත්‍රණ මාලාවේ -05 වන අදියර මෙවරත් තිස්සමහාරාම විද්‍යාප්‍රදීප පිරිවෙණේදී සාර්ථක අන්දමින් දියත් කරන ලදි.

පසුගිය මාර්තු 20,21 දෙදින පුරාවට දිගහැරුනු මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණු අතර, කොවිඩ් 19 වසංගතය හමුවේ අතරමඟ නතර වූ අධ්‍යාපනය නැවත ගොඩනංවාලීම සහ අවසන් මූලික විභාගය සඳහා සාමණේර හිමිවරුන් සූදානම් කිරීම මූලික විය. එමෙන්ම ප්‍රාථමික පන්ති සඳහා මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටිනා හිමිවරුන් වෙනුවෙන් විද්‍යාව සහ ගණිතය විෂයන් වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් විසින් ඉගැන්වීම් කටයුතු සිදුකරන ලදි.

දින දෙකක් පුරාවට සාමණේර ස්වාමීන් වහන්සේලගේ බලාපොරොත්තුවේ සිහින යථාර්ථයක් කරනු වස් අපගත් උත්සාහය පිළිබඳ  නිහතමානි සතුටක් දැනෙනුයේ ප්‍රඥා ප්‍රදීප ඊළඟ අදියර ගැන බලාපොරොත්තුවක් එක් කරගනිමිනි.

Categories: Club Project

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll Up