
“සමිඳු අභියස” මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ තවත් එක් නව පරිච්ඡේදයකආරම්භය සනිටුහන් කරමින් පැවැත්වූ සුවිශේෂී වැඩසටහන් මාලාවක් කීවොත් නිවැරදිය.තවදුරටත් පැහැදිලිව කිවහොත් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ 17 වන සංවත්සරය සමරමින් නව ලියෝ වර්ෂයට ආශිර්වාද පතනු වස් පසුගිය ජූලි මස 22 සහ 23 දෙදින පුරාවට “සමිඳු අභියස” පිංකම් මාලාව සඳහා මුලපිරුණි.
සාමාජීය වාතාවරණය ජීවන රටාවට තරමක් දුරට අභියෝග කරමින් සිටින කාල වකවානුවක් වුවත් ඒ අභියෝගය ජයගනිමින් පසුගියදා මෙම පිංකම් මාලාව මාතර පරෙවි දූව විහාරස්ථානය,ගාල්ල රූමස්සල සාම චෛත්‍යය, කූරුණෑගල කලුගමුව ශ්‍රී වර්ධනාරාමය සහ කෑගල්ල දෙවනගල රජමහා විහාරය යන විහාරස්ථානවල සාර්ථකව පැවැත්විණි. මෙහිදී පළමුව විහාරස්ථාන පිළිසකර කිරීම් හා පිරිසිදු කිරීම් සිදු කළ අතර ඒ සඳහා 2020 ජූලි මස 22 වන දින යොදාගැනිණි. ඊට පසුදින එනම් ජූලි මස 23 වන දින මොරටුව විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයට මෙන්ම මුළු මහත් සමාජයටම සෙත් පතාබෝධි පූජා පිංකම් පැවැත්වූයේ මේ කර්තව්‍යය වෙනුවෙන් කැපවූ සියලු ලියෝවරුන්ගේවෑයම මල්ඵල දරමිනි. මෙම කාර්යය මෙලෙස සාර්ථක නිමාවක් දැකීමට විහාරස්ථානවලවැඩසිටි ස්වාමීන් වහන්සේලා හා අනෙකුත් පිරිස දැක්වූ සහයෝගයද ගෞරවයෙන් සිහිපත් කරමු.

0 Comments